ගැටලුවලට විසැඳුම් ලැබුණා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ

ගැටලුවලට විසැඳුම් ලැබුණා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ

- දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු

තනතුරුවලට හා වැටුප් පරිමාණයන්ට අදාළ ව්‍යුහයන් සකස් කර වැටුප් කොමිසමට යැවීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (2) පොරොන්දුවීම නිසා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය නැති බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා ‘ දිනමිණ’ට පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කාලයක් තිස්සේ රියැදුරු, නියාමකවරු , අධික්ෂණ කළමනාකරු ඇතුළු තනතුරු පහක් සම්බන්ධයෙන් තනතුරු හා වැටුප් ව්‍යුහයන් සකස් කර වැටුප් කොමිසමට යවන්නැයි කළ ඉල්ලීම ඉටුකිරීමට අමාත්‍යාංශය අපොහොසත්වීම හේතුවෙන් පෙරේදා (1) වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදු වූ බව පෙන්වා දුන්නේය.

එබැවින් මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති සාකච්ඡාවේදී ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා මහතා තනතුරු හා වැටුප් ව්‍යුහයන් සකස් කිරීම සිදුකොට වැටුප් කොමිසමට යැවීමට කටයුතු ආරම්භ කළ නිසා වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන බව හෙතෙම දන්වා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා