ෆී‍්‍ර මීඩියා-ටී. එන්. ඒ. ඒකාබද්ධ කුමන්ත්‍රණයක්

ආණ්ඩුවට චෝදනා කරන්න පිරිසක් ජිනීවා යති

ෆී‍්‍ර මීඩියා-ටී. එන්. ඒ. ඒකාබද්ධ කුමන්ත්‍රණයක්

ලබන 27 දා පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකාවත් මෙරට ආණ්ඩුවත් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වන බව මෙරට බුද්ධි අංශ පෙන්වා දෙයි. මේ කුමන්ත්‍රණය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ටී. එන්. ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානයේ ද ඒකාබද්ධ සහයෝගීතා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව ද බුද්ධි අංශ තවදුරටත් අනාවරණය කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශේෂ නියෝජිතයෝ හය දෙනෙක් ද ටී. එන්. ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ද කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් ජිනීවා බලා පිටත් ව ගොස් සිිටිති.

එම සමුළුවට ඉදිරිපත් කිරීම සඳහා නිදහස් මාධ්‍ය නඩයේ මෙරට සිටින පිරිස මේ වන විට මඩ තොරතුරු රැසක් එකතු කරගෙන සිටින බවට බුද්ධි අංශ මගින් හෙළිකරගෙන තිබේ. මේ මාධ්‍ය නඩය මෙරටින් පිටව යද්දී විදේශ ගතව සිටින කොටි හිතවාදී මාධ්‍ය නඩය ජිනීවා සමුළුවට පැමිණ මෙරටට එරෙහිව මඩ තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිති. රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ඔවුන්ට ඒ සඳහා වියදම් කරති. මෙරටින් එම සමුළුවට යන මාධ්‍යකරුවකු රජයට එරෙහිව කතා කළත් ඔහුගේ බිරිය වසර 12 ක් තිස්සේ කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ විදුහලක සේවය කරයි.

ඔහුගේ බිරියට ස්ථාන මාරු වීම කළ සෑම අවස්ථාවකම මේ මාධ්‍යකරු දේශපාලනඥයන් පසුපස ගොස් ස්ථාන මාරුව හදාගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා