දැරියක් හොරෙන් පැහැරගෙන ගිය තරුණයකුට වසර දෙකක සිර දඬුවමක්

දැරියක් හොරෙන් පැහැරගෙන ගිය තරුණයකුට වසර දෙකක සිර දඬුවමක්

බාල වයස්කාර දැරියක් ඇයගේ මවගේ භාරකත්වයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයකුට අවුරුදු දහයකට අත්හිටවූ බරපතළ වැඩ ඇතිව අවුරුදු දෙකක සිරදඬුවමක් සහ රුපියල් 50000 ක දඩයක් පාණදුර පළාත් බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියම කළාය.

පාණදුර වේරවත්තේ පදිංචි පුද්ගලයකුට මේ දඬුවම නියම විය.

රුපියල් 35000 ක වන්දි මුදලක් පැමිණිලිකාරිය වෙත ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කෙරිණි.

ඔහු අධිචෝදනා ලබා සිටියේ වර්ෂ 2001.04.08 දින බලවයස්කාර දැරියක් ඇයගේ මවගේ භාරකාරත්වයෙන් පැහැර ගෙන යාම සම්බන්ධයෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා