ඉරානය මෙල්ල කිරීමට බිය වැද්දීම් සිදු කළ යුතුයි

ඉරානය මෙල්ල කිරීමට බිය වැද්දීම් සිදු කළ යුතුයි

අමෙරිකා මන්ත්‍රී පිරිසක් කියති

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැරවීම සඳහා හමුදා ක්‍රියාමාර්ගයකට අනුගත වීමේ ඇති හැකියාව , ඉරානයට බැරෑරුම් ලෙස ඒත්තු ගැන්වීමට නම් එක්සත් ජනපදය ගල්ෆ් ප්‍රදේශයට තවතවත් යුද නැව් යැවිය යුතු බවද ඊශ්‍රායලය සන්නද්ධ කිරීමෙන් අනතුරු ඇඟවිය යුතු බව ද හිටපු එක්සත් ජනපද මන්ත්‍රීන් පිරිසක් හා ව්ශේෂඥයන් පිරිසක් පෙරේදා ප්‍රකාශ කර තිබේ.

මේ ද්විපාර්ශ්වික කණ්ඩායම මේ සම්බන්ධයෙන් ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලනය දැඩ් විවේචනයට ලක්කර ඇත්තේ ප්‍රසිද්ධ ප්‍රකාශනවලදී හමුදා ක්‍රියාමාර්ගයක් පිළිබඳ අදහස ඇල්මැරී ඇතිබව ප්‍රකාශ කරමිනි.

එය ඉරාන නායකත්වයට කෙරෙන බලපෑමේ ප්‍රයත්නය අඩාලකරන්නක් බවද ඔවුන් කියාඇත.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හරවනු පිණිස සැලසුම් කළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලීන් හා සම්බාධක පැනවීම් සාර්ථක විය හැක්කේ හමුදා ක්‍රියාමාර්ගයක් ගනු ලබන බව ට ඇති සූදානම ව්ශ්වස්වනීයව පෙනෙන පරිදි දැක්වීමෙන් පමණි යැයි අදාළ කණ්ඩායම කියා ඇත.

ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සාකච්ඡා මාර්ගයෙන් අත්හැරීම හෝ එක්සත්ජනපදය හෝ ඊශ්‍රායල් ප්‍රහාරයකින් විනාශවනු දැක්ම හෝ යන දෙකින් එකක් තෝරාගත යුතුය යන්න එක්සත්ජනපදය විසින් පෙන්වා දියයුතු යැයි ද මේ කණ්ඩායම වැඩිදුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා