කුරුළු නිරීක්ෂකයන්  දෙදෙනකු පිලිපීනයේ දී පැහැර‍ගෙන

කුරුළු නිරීක්ෂකයන්  දෙදෙනකු පිලිපීනයේ දී පැහැර‍ගෙන

පිලිපීනයේ දී යුරෝපියානු කුරුළු නිරීක්ෂකයන් දෙදෙනකු ඊයේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් පැහැර ගනු ලැබ ඇතැයි සැලකෙන අතර ඉන් පැය ගණනක් ගතවීත් ඔවුන් ගැන තොරතුරක් සොයාගැන්මට පිලීපින බලධාරීන් අසමත්ව තිබිණ .

ස්විස් ජාතික 47 හැවිරිදි ලොරෙන්සෝ වින්සිගුවේරා හා නෙදර්ලන්ත ජාතික 52 හැවිරිදි ඉවෝල්ඩ් හෝර්න් යන මේ වනජීවි ආකර්ෂකයන් දෙදෙනා සෙවීමට නාවිකයන් සියගණනක් සහභාගි වී තිබිණ . පිලිපීනයේ අවනීතිය රජයන කුඩා දිවයිනකදී සන්නද්ධ පිරිසක් විසින් ඔවුන් දෙදෙනා පැහැර ගෙන ගොස් තිබේ. ඔවුන් සෙවීම සඳහා විශාල මෙහෙයුමක් අරඹා ඇතැයි ප්‍රාදේශීය හමුදා ප්‍රකාශක කියා ඇත. එහෙත් මේ වනතුරුත් ඔවුන් සිටින තැනක් සොයා ගැන්මට නොහැකිය ඇතැයි ද ඔහු කියා තිබේ.

ඔවුන් දෙදනා සමඟ ඔවුන්ගේ පිලිපීන ජාතික මාර්ගෝපදේශකයා වන අයිවාන් සරිනාස්ද පැහැරගැන්මට ලක්වූ නමුදු ඔහු ඔවුන් ගෙනගිය බෝට්ටුවෙන් පැන පිහිනා බේරීමට සමත්ව ඇත .තවත් ප්‍රාදේශීය මාර්ගෝපදේශකයකුද ඊට කලින් ඔවුන්ගෙන් පලා විත් බලධාරීන්ට සිද්ධිය වාර්තා කර තිබිණ.

ඔවුන් පැහැරගත් අය කවුරුන්දැයි නිශ්ච්තවම කිවනොහැකි නමුදු පූර්ව පැහැරගැනීම් සිදුකර ඇති අල්කයිඩා අනුබද්ධ අබුසායෆ් කල්ලිය කෙරෙහි ඇඟිල්ල දිගුව තිබේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා