ඇෆ්ගනිස්තානයේ හමුදාමය ක්‍රියාදාමය ලබන වසරේදී නවතා දමනවා

ඇෆ්ගනිස්තානයේ හමුදාමය ක්‍රියාදාමය ලබන වසරේදී නවතා දමනවා

අමෙරිකාව කියයි

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක කර ඇති හමුදාමය ක්‍රියාදාමය 2013 වන විට නවතා දැමීමට ඇමෙරිකාව තීරණයකර තිබේ. ඉන් අනතුරුව පුහුණු කටයුතුවල පමණක් නියැලෙන බව ඇමෙරිකාආරක්ෂක ලේකම් ලියොන් පැනේටා බදාදා පවසා ඇත.

මින් ඉහතදී ජනාධිපති ඔබාමා ඉරාකයේදී ද මේ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන ලදි . හමුදාවන් ඉවත්කර ගැනීමේ දී නේටෝ කාල රාමුවලට කටයුතු කිරීමේ අවශ්‍යතාව පැනේටා අවධාරණය කර තිබේ.

ජනාධිපති බැරක් ඔබාමා මේ වසරේ දී යළිත් ජනාධිපතිවරණයට මුහුණ දීමට ද නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා