ගම්පහ රෝහලේ පැරැණිම වාට්ටු සංකීර්ණය පිළිසකර කරයි

ගම්පහ රෝහලේ පැරැණිම වාට්ටු සංකීර්ණය පිළිසකර කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිතුමා පැමිණ සිටි ආරාධිත පිරිස සමඟ රෝහල් වාට්ටුවේ තීන්ත ආලේප කිරීම ආරම්භ කළ අයුරුයි මේ. ඡායාරූපය- බර්ටි ලයනල්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 29 වැනි සංවත්සරය නිමිතිකරගෙන සභාපති වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතාගේ උපදෙස් පරිදි සිංහ සමාජය හා ඒකාබද්ධ වී දිවයින පුරා රෝහල් වාට්ටු පිළිසකර කිරීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙහිදී ගම්පහ රෝහලේ පැරැණිම වාට්ටු සංකීර්ණය වන (15 වැනි වාට්ටුව) කරුණාරත්න වාට්ටුව පිළිසකර කිරීම, ලේ දන්දීම, නේවාසික රෝගීන්ට අවශ්‍ය සංචාරක මෙට්ට පරිත්‍යාග කිරීම වැනි වැඩසටහන් රාශියක් මෙහිදී සිදුකෙරිණි.

රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය පී. එස්. කේ. ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලින්ටන් පද්මසිරි, සංවර්ධන ලොතරැයි මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ, 306 බී 2 සිංහ සමාජයේ සිංහාධිපති ජයන්ත ගුණවර්ධන සහ ගණේමුල්ල සිංහ සමාජයේ නිලධාරීන්, රෝහල් කමිටු නිලධාරීන්, රෝහල් වෛද්‍ය සහ හෙද නිලධාරි කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා