පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

වසර ගණනාවක් තිස්සේ බටුගම්පළ ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක්ව පැවැති පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කළ බටුගම්පළ දකුණ පානීය ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් දොළොස්ලක්‍ෂ විසිපන්දහසක වියදමින් නිමකර ජනතා අයිතියට පත්කළ මේ ජල යෝජනා ක්‍රමය මගින් කිරිගල හා බටුගම්පළ ප්‍රදේශයේ පවුල් පනහක පමණ ජල අවශ්‍යතා සපිරේ.

මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටියදී කළ ඉල්ලීම මත බස්නාහිර පළාත් ප්‍රවාහන, ක්‍රීඩා කටයුතු, ග්‍රාම සංවර්ධන කටයුතු ඇමැති උපාලි කොඩිකාර මහතා අමාත්‍යාංශ අරමුදලින් මේ මුදල ලබා දී ඇත. බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහත්වරු සහ හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා ඇතුළු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා