අලව්ව පොලිසියේ දානමය පින්කම

අලව්ව පොලිසියේ දානමය පින්කම

අලව්ව පොලිස් ස්ථානයේ මහා සංඝයාවහන්සේ සියක් නමක් උදෙසා පසුගියදා මහා දානමය පින්කමක් පැවැත්වීය.

සියක් නමක් සංඝයා වහන්සේ අලව්වේ ශ්‍රී රාහුල පිරිවෙන් විහාරස්ථානයේ සිට අලංකාර පෙරහරකින් පොලිස් ස්ථානය වෙත වැඩම කළහ.

එම අවස්ථාවට සහභාගි වූ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙසේ කීවේය.

වයඹ පළාතේ සෑම පොලිස් ස්ථානයකම වසර අවසානයේ මෙවැනි දානමය පින්කම් පැවැත්වෙනවා.

වසරක් ගෙවි වසරක් උදාවන අවස්ථාවේදී රටේ පාලකයන්, රණවිරුවන් මෙන්ම ජනතාව ද මහා සංඝයා වහන්සේගේ ආශීර්වාද ලබාගැනීම එදා රජ දවස සිට පැවත එන්නක්.

මේ දානමය පින්කමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා