ගම්පහ වැලිවේරියේ ඩෙංගු මර්දන වැඩසටහන්

ගම්පහ වැලිවේරියේ ඩෙංගු මර්දන වැඩසටහන්

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වී ඇති වැලිවේරිය ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, වැලිවේරිය පොලිසිය හා ගම්පහ ප්‍රාදේශීය සභාව මෙය සංවිධානය කර තිබිණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී මොනිකා මාන්නප්පෙරුම මහත්මිය පැවැසුවේ පසුගිය වසර පුරාම වැලිවේරිය කොට්ඨාසයෙන් වාර්තා වූයේ රෝගීන් 22 ක් වුණත්, පසුගිය ජනවාරි මාසයේ පමණක් රෝගීන් 21 ක් වාර්තා වූ බවය.

ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජනතා උනන්දුව හා දායකත්වය අඩු බව ද වෛද්‍යවරිය කීවාය.

එදින පැවැති පරීක්‍ෂණ මෙහෙයුම් සඳහා යක්කල යොවුන් සේනාංකයේ තරුණ – තරුණියන් 200 ක්, පවුල් සෞඛ්‍ය නිලධාරිනීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වූ අතර, නිවාස හා ව්‍යාපාරික ස්ථාන සිය ගණනක් පරීක්‍ෂා කෙරිණි. එහිදී හතළිස් දෙනකුට නඩු පැවරූ බව ද වෛද්‍යවරිය කීවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා