පොලිස් බාධක පෙරළාගෙන ඥාතීහු මළ සිරුරු‍ සොයති

හොන්ඩ්‍යුරාස් බන්ධනාගාර ගින්න

පොලිස් බාධක පෙරළාගෙන ඥාතීහු මළ සිරුරු‍ සොයති

හොන්ඩ්‍යුරාස් බන්ධනාගාර ගින්නෙන් මියගිය සිරකරුවන් 359 දෙනාගේ ඥාතීන් පෙරේදා පොලිස්බාධක පෙරළාගෙන ගොස් තම ඥාතීන්ගේ මළ සිරුරු සොයා ගැනීම සඳහා ඒවා තැන්පත් කර තිබුණු මලු බලයෙන්ම විවෘත කළ බව වාර්තා වී තිබේ.

දරුණු ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනාගැනීමේ හා පරීක්ෂණ කටයුතුවල මන්දගාමී බවෙන් කණස්සල්ලට පත් මේ ඥාතීන් මෘතශරීරාගාර නිලධාරීන් එම මෘත කලේබර මලුවලින් සමහරක් එළියට ගත් අවස්ථාවේ එහි කටයුතු තමන් අතට ගනිමින් ඒවා බලයෙන්ම විවෘත කර ඇත. මෙහිදී ඔවුන් මෙල්ල කිරීමට අරගල මර්දන පොලීසිය යොදවන ලද බව සඳහන්ව තිබේ.

මළසි‍රුරු වලින් දුඟද හමද්දී එම මලු විවෘත කළ එක් මවක් සිය දරුවාගේ මළසිරුර මියගිය බල්ලකු මෙන් පසෙකලා තිබීම ගැන වලප්මින් විරෝධය පලකළාය . තවත්අය කියා සිටියේ මේ ප්‍රමාදය පිළිගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර මළසිරුරු බාර දීම තවදුරටත් ප්‍රමාද කරන්නේනම් මෘත ශරීරාගාරය තම පාලනයට නතු කරගන්නා බවය. මේ බන්ධනාගාර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා