ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දඩ හා සිර දඩුවම්

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දඩ හා සිර දඩුවම්

පාකිස්තානය පනතක් සම්මත කරයි

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සිරගතකිරීමට හා දඩයකට යටත් කෙරෙන දඬුවමක් බවට පත්කරෙන පනතක් පාකිස්තාන සෙනේට් මණ්ඩලයෙන් සම්මත විය. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳ මේ පනත සෙනේට් සභික නිලෝෆාර් භක්තියාර් විසින් ඉදිරිපත් කරන ලද්දක් වන අතර පාර්ලි මේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

මේ පනත 2009 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ජාතික රාජ්‍ය සභාව විසින් ඒකමතිකව සම්මත කර තිබිණ. මේ අනුව ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් අස්සන් කිරීමෙන් පසු එය බලාත්මක වනු ඇත. මේ පනතට අනුව කාන්තාවන්ට හා ළමයින්ට පහර දීම සම්බන්ධයෙන් වරද කරුවන් වනඅයට හය මසක සිරදඬුවමක් හා රුපියල් 100000ක දඩයක් පැනවෙනු ඇති බව සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා