අමෙරිකාවට එරෙහිව පාකිස්තානුවෝ වීදි බසිති

අමෙරිකාවට එරෙහිව පාකිස්තානුවෝ වීදි බසිති

අමෙරිකාවට මරණය යනුවෙන් හඬනඟමින් පාකිස්තානුවෝ පෙරේදා ඉස්ලාමාබාද් අගනුවර වීදි බටහ. දක්ෂිණාංශික , ආගමික හා අල්කයිඩා අනුබද්ධ තහනම් සංවිධාන එක්ව පැවැත්වූ මේ උද්ඝෝෂණයේදී ඔවුහු ශුද්ධ යුද්ධයක් ඇරඹිය යුතු යැයි ඉල්ලා සිටියහ. මෙය පාකිස්තානය වෙනුවෙන් සහාය දක්වමින් පවත්වන ලද උද්ඝෝෂණයකි‍.

දේශීය හා විදේශීය වශයෙන් ත්‍රස්ත කණ්ඩායම් ලෙස සලකමින් අසාධු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන සංවිධානවලින් හා දේශපාලන පක්ෂවලින් යුත් කණ්ඩායම් 40ක් පමණ ඊට එක්ව තිබිණ. මෙහි නායකත්වය දරණ ලද්දේ තලේබාන් සංවිධානයේ පියා ලෙස අනුදත් පූජක මවුලානා සාමි අල් හක් විසිනි.

දෙදහස් පන්සියක් හා තුන්දහස් පන්සියක් අතර පිරිසක් සහභාගි වූ බව පැවසෙනමේ උද්ඝෝෂණයේ දී අරගල මර්දන පොලීසිය සන්නද්ධව හා ආරක්ෂක කබා පැළඳ ඒ ආසන්නයේ රැඳී සිට ඇත. මවුලානා සාමි කියා තිබුණේ මේ විරෝධතාව නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමේ හැකියාවට හා අමෙරිකා හා ඉන්දීය අත්පත් කරගැනීමේ ප්‍රයත්නයන්ට එරෙහිව හා පාකිස්තානයේ ආරක්ෂාව අරමුණු කරගත්තක් බවය. බලුකිස්තානයට ස්වයංපාලනයක් පැවරීමේ අමෙරිකානු යෝජනාවක් ගැන සඳහන් කරමින් පාකිස්තානය කැබලි කිරීමට අමෙරිකාවට අවශ්‍යව ඇතැයි ද ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා