මහා තරගයේදී ඉසිපතනයේ දේශාන්ගෙන් ශතකයක්

මහා තරගයේදී ඉසිපතනයේ දේශාන්ගෙන් ශතකයක්

තර්ස්ටන් ඉසිපතන 49වැනි මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී ඉසිපතන ක්‍රිකට් උපනායක දේශාන් ජයකුමාර් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේය. කොළඹ එස්. එස්.සී. පිටියේ පැවති මේ මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විදුහල පන්දුවට පහරදීමේ අවස්ථාව ඉසිපතනයට ලබාදුනි.

පළමු දිනය නිමාවෙද්දී ඉසිපතන විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 256ක් ලබා සිටියේය. ජයකුමාර් ලබාගත් ශතකයට හතරේ පහර 8ක් හා හයේ පහරක් ඇතුලත් වූ අතර පන්දු 213කට මුහුණ දුන්නේය. තර්ස්ටන් විදුහලේ මන්හාජ් ජලීල කඩුලු 3 ක් බිදහෙලීමට සමත්විය. අද තරගයේ අවසන් දිනයයි.

ඉසිපතන විදුහල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 256 මතීෂ රණවීර 25, සාලින්ද උෂාන් 26, චානුක තාබෘ 85, දේශාන් ජයකුමාර් නොදැවී 100 (මන්හාජ් ජලීල 51/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා