මාරිස්ටෙලා හිටපු පාපන්දු පුහුණුකරුට උපහාර

මාරිස්ටෙලා හිටපු පාපන්දු පුහුණුකරුට උපහාර

මීගමුව මාරිස්ටෙලා මහ විද්‍යාලයයේ පා පන්දු ක්‍රීඩා පුහුණුකරු වශයෙන් 1982 සිට 2006 දක්වා වසර 24 ක අඛන්ඩ සේවයක් කල කේ. කොන්රඩ් පෙරේරා මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා මාරිස්ටෙලා මහා විද්‍යාලයේදී පැවැත්විණි. එම උපහාර පිදීමේ උත්සවය සූදානම් කළේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා සංගමය මඟිනි.

1982 සිට 2006 දක්වා කාලය තුළ ජාතික මට්ටමේ තරඟ දහ හතේ (17ක්) ජයග්‍රහණය කර දීමටත්, ජාතික මට්ටමේ අවසාන සහ අර්ධ අවසාන තරඟවලට සහභාගී වීමටත් විද්‍යාලයීය පා පන්දු කණ්ඩායම සමත් වී ඇත. ඒ. කේ. කොන්රඩ් පෙරේරා මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

එලෙසින්ම ආසියානු තරඟ සඳහා සෑම වසරකම ක්‍රීඩකයින් දෙදෙනකු හෝ සහභාගී කරවීමට හැකිවී ඇත. මෙම උපහාර උත්සවයේ විශේෂත්වය වූයේ කේ. කොන්රඩ් පෙරේරා මහතාට (දකුණේ) එම උපහාරය ප්‍රදානය කරනු ලැබුවේ ඒ මහතාගේ ශිෂ්‍යයෙක් අතින් වීමයි. ඔහු වත්මන් මාරිස්ටෙලා විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩා පුහුණුකරු වන ජානක ලැම්බට් මහතායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා