රතගායට කල්කයක් හදාදෙන්න කියා රන් දම්වැලේ කොක්ක අරන් කට්ටඩියා මාරුවෙලා

රතගායට කල්කයක් හදාදෙන්න කියා රන් දම්වැලේ කොක්ක අරන් කට්ටඩියා මාරුවෙලා

දරුවාගේ රතගායට කල්කයක් හදාදීමට රත්රන් කැබැල්ලක් අවශ්‍ය බව පවසා රෝහල් සේවිකාවක් රවටා ඇගේ සැමියාගේ රන් දම්වැලේ කොක්ක ගලවා ගෙන ගිය අපූරු කට්ටඩියෙක් ගැන කුරුණෑගල නගරයට, ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙයි. නෝනා කට්ටඩියා හොඳින් දන්න අඳුනන නිසා නිවෙසේ අස්සක් මුල්ලක් නෑර අතපත ගගා බැලුවා රත්තරන් කෑල්ලක් හොයාගන්න. කරුමෙට වගේ ඈට මතක් වුණා සැමියාගේ රත්තරන් චේන්පොට. වහා අල්මාරිය ඇර ලාච්චුවක සඟවා තිබූ චේන්පොට අතට ගෙන “කට්ටඩි උන්නැහේ” මහත්මයාගේ චේන්පොට නම් තිබෙනවා. මේක කැඩුවොත් නම් මට ගෙදර ඉන්න හම්බවෙන්නෙත් නැහැ.

කමක් නැහැ නෝනා, මම ටිකක් උරච්චි කරලා කල්කය හදාගෙන එනකොට චේන්පොට ගෙනත් දෙන්නම්. හොඳයි මට එහෙනම් කොක්ක විතරක් දෙන්නකො කියා කට්ටඩිරාල ඇවිටිලි කරන්න පටන් ගත්තලු. බැරිම තැන ඇය කොක්ක ගලවා දුන්නා. හොඳයි නෝනා මම හෙටම කල්කය හදාගෙන එන්නම් කියා නිවෙසින් පිටව ගිය කට්ටඩියා පසු දින රත තෙල් බෝතල් භාගයක් ගෙනවිත් දරුවාගේ දිවේ සහ ශරීරයේ ගාන ලෙස කියා තවත් රුපියල් 200 ක් ඉල්ලාගෙන ගොස් ඇත.

රත තෙල් බෝතලය ගැන සැක සිතූ නෝනා අහළ පහළ අයගෙන් විමසුවා මේවා රතගායට දරුවන්ට හොඳ ද කියා.

අනේ නංගියෝ උඹට පිස්සුද බන් දරුවගේ දිවේ තියා කොහෙවත් ගාන්න එපා. මේවා රත තෙල් නොවේ “යෝදියේ තේ කටහ” කියා තව එකෙක් කියන්න පටන් ගත්තා.

රත තෙලුත් නැහැ. චේන් එකේ කොක්කත් නැහැ. දින කීපයකට පසු කට්ටඩියා නෝනා සොයාගෙන ගෙදරට එන කොට දෙවට ළඟ සිටි කොලු රැල කට්ටඩියාට හොඳටම තඩිබාන්න පටන් ගත්තා.

නෝනා ද කුස්සියේ දොරට දමන පොල්ල ගෙන පිට හරහා දෙක තුනක් දී පොලිසියට බාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා