පිළියන්දල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

පිළියන්දල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ දිනවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ මස වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21ක් බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී භද්‍රිකා ගුණවර්ධන මහත්මිය පැවසුවා ය.

මෙම 2012 වසරේ ඉකුත් ජනවාරි මස ඩෙංගු රෝගීන් 50 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම සංඛ්‍යාව 10 ක් බවද ඇය සඳහන් කළාය.

මීට අමතරව පිළියන්දල ප්‍රදේ්ශයෙන් රෝගීන් 8 දෙනෙකු ද ඇරැව්වල ප්‍රදේශයෙන් රෝගීන් 8 දෙනෙකු ද වෑවල ප්‍රදේශයෙන් රෝගීන් 6 දෙනෙකු ද අනකුත් ප්‍රදේ්ශවලින් රෝගීන් 2 – 3 දෙනෙකු බැගින් ද වාර්තා වූ බවත් වෛද්‍ය නිලධාරිනිය පැවසුවා ය.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 2010 වසරේ ඩෙංගු රෝගීන් 351 දෙනෙකු ද 2011 වසරේ ඩෙංගු රෝගීන් 350 දෙනෙකු ද වාර්තා වූ බවද ඇය කියා සිටියා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා