“ත්‍රස්තවාදය පරාජය කළේ ජාතීන් අතර හොදහිත පළුදු නොවන ආකාරයටයි”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 පෙබරවාරි 28 කොළඹදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

බටහිරට කට උත්තර නෑ

ශ්‍රී ලංකා ජිනීවා නියෝජිත පිරිස කියති

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගැන බටහිර රටවලින් සෘජුව ප්‍රශ්න කිරීමට ජිනීවා සිටින ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිස තීරණය කර තිබේ. එම රටවල නියෝජිතයන් පිරිස සමඟ සාකච්ඡා කරන බවත් ඒ සඳහා ඔවුන් අවස්ථාව ලබා දී ඇති බවත් ජිනීවා නුවර සිටින වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිටින රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා වලට සහාය දක්වන . . .

විස්තර »

අතීතයේ සිටම අමෙරිකාව අපට ද්‍රෝහිවෙලා

නිදහස් රටක් ලෙස පිළිගන්නත් බෑ කීවාලු

අද පමණක් නොව අතීතයේ සිටම අමෙරිකාව ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානය හෑල්ලුවට ලක් කරන බව කදිම සාක්‍ෂියක් අපට හමුවිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂ සැසියේ දී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩන්නේ යැයි චෝදනා නැගීමට මෙදා සූදානම් වන අමෙරිකාව, මීට දශක හයකට පෙර යටත් විජිත වාදීන්ගෙන් නිදහස් වූ අපේ රට “නිදහස් රටක්” ලෙස නම් කිරීමට පවා මැළි වූ අයුරු පහත ඉදිරිපත් කරන සාක්‍ෂියෙන් කදිමට බුද්ධිමත් පාඨක ඔබට පැහැදිලි වෙයි.

විස්තර »

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට යන යෝජනාවට එරෙහිව ඊයේ (29) දිවා විවේකයේදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කළ අයුරු.

ශ්‍රී ලංකාවට  කියුබාවෙන්  උපරිම සහාය

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදෙන බව කියුබානු රජය පවසයි. කියුබානු ජනාධිපති රාහුල් කස්ත්‍රෝ මහතාගේ එම පණිවිඩය ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී තර්ෂියා කස්ත්‍රෝ ගුවේරා මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවැසුවේ ඊයේ (29) ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා හමුවූ අවස්ථාවේදීය. ඉදිකිරීම් අමාත්‍යාංශයේදී පැවැති මේ හමුවේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන අසත්‍ය මානව හිමිකම් චෝදනා තම රජය ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකාවට තම රටේ උපරිම සහාය ලබා දෙන බවයි.

විස්තර »

බලයට එන්න කුලල් කන්නේ නැතිව රට ගැන හැඟීමෙන් කටයුතු කරන්න

අස්ගිරි මහා නායක හිමියෝ විපක්ෂයෙන් ඉල්ලති

බලයට පත්වූ රජයක් පෙරළීම සඳහා හැම අවස්ථාවකම කටයුතු කිරීම නතරකර රටට තර්ජනයක් එල්ලවන මේ අවස්ථාවේ රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කිරීම විපක්ෂයේ කාර්යභාරය බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියෝ පැවසූහ. බලයට ඒම සඳහා කුලල්කා ගැනීම නවතා බැරෑරුම් අවස්ථාවේ සියලුදෙනා රට පිළිබඳ සිතා ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ කීහ. අස්ගිරි මහ නාහිමියෝ මේ අදහස් පලකළේ නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා . . .

විස්තර »

ශ්‍රී ලංකාවට සහාය දක්වා රටවල් රැසක උද්ඝෝෂණ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් සැසිය වෙත යෝජනාවක් ගෙන ඒමේ සූදානමට විරෝධය පළ කරමින් විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ලෝකයේ රටවල් රැසක දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.  ඒ අනුව ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකදී මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම්කර තිබෙන අතර ඉතාලියේ මිලානෝ නගරයේ දී පසුගියදා පැවැති උද්ඝෝෂණය අති සාර්ථක වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විස්තර »

 මේ ජනබලය ආපසු හරවන්න බෑ!

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා කුමන්ත්‍රණය පරාද කිරීම සඳහා ජනතාව වීථි බැස සිටිති. පෙරේදාත්, ඊයේත් එම විරෝධතා රට පුරා පැවැත්විණි. ඉදිරියටත් එම විරෝධතා පවතිනු ඇත.මේ ජනගඟ ආපසු හැරෙන්නේ නැත.

 
මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය මැද
ජිනීවාහි පැවැත්වුණා! කුණු කන්දල් ඇද
ඇමෙරිකාව - කොටි පැරදූ අපට වයිර බැඳ
මොනව කළත් අපි සිටිනෙමු! නංවා ජය දද
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast