පර්වේස් මුෂාරෆ්ට යැවූ සිතාසිය බිත්තියේ අලවයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්න

පර්වේස් මුෂාරෆ්ට යැවූ සිතාසිය බිත්තියේ අලවයි

පාකිස්තානයේ හිටපු යුද නායක පර්වේස් මුෂාරෆ් ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාර්තු 22 දින පෙනී සිටින ලෙස නියෝග කරමින් ඔහුගේ ඔහුගේ ඉස්ලමාබාද් නිවසේ අලවා ඇති සිතාසියක් කියවන පාකිස්තාන් වැසියෙක්.

තම වුවමනාවෙන්ම රටින් පිටමං වී සිටින හිටපු පාකිස්තාන් හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාර්තු 22 දින පෙනී සිටින ලෙස ඉල්ලා පාකිස්තාන බලධාරීන් පෙරේදා සිතාසි නිකුත් කර ඇත. පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝ මහත්මිය 2007 දී රාවල්පිණ්ඩි හීදී දේශපාලන රැළියක් අමතා අවසන් වීමත් සමඟ ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. අධිකරණය ඉදිරියට පැමිනෙණ ලෙස මුෂාරෆ්ගෙන් වරින් වර කරන ලද ඉල්ලීම්වලට ඔහු ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සිතාසිය ඉස්ලාමාබාද් අවට ඔහුගේ නිවසේ බිත්තියක ඇලවීමට කටයුතු කර තිබේ .

යළිත් දේශපාලන කටයුතුවලට සහභාගි‍ වීමට මුෂාරෆ් පසුගිය දෙසැම්බරයේ සිය රට බලා පැමිණීමට බලාපොරොත්තුව සිටියත් ඔහු පාකිස්තානයට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට වත්මන් රජය තර්ජනය කිරීමත් සමඟ ඔහු එම අදහස අත්හැර දැමීය . බූතෝ මැතිනියට ප්‍රමාණවත් ආරක්ෂාව සැලසීමට මුෂාරෆ් අපොසත් වීම නිසා 2007 වසරේ දී ඇය ඝාතනයට ලක්වු බවට ජගත් සංවිධාන වාර්තාවක් අනාවරණය කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා