කුරුලු උණෙන් ඉන්දුනීසියාවේ කතක් මිය යයි රෝගය බෝවීමේ ‍අවදානමක් ගැන අනතුරු

කුරුලු උණෙන් ඉන්දුනීසියාවේ කතක් මිය යයි රෝගය බෝවීමේ ‍අවදානමක් ගැන අනතුරු

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ 24 හැවිරිදි කාන්තාවක් කුරුලු උණ රෝගයෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ වසර තුළ කුරුළු උණ රෝගයෙන් මිය ගිය පස්වන තැනැත්තා මැය බව එරට සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අදාළ කාන්තාවට කුරුලු උණ වැළදී ඇති බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි සත්ව ආසාදන පිළිබඳ විශේෂඥ රීටා කස්තුරියාස්තුති පවසයි. මාස 18 කින් අනතුරුව එච් 5 එන් 1 ආසාදනයෙන් රෝගියකු මිය ගිය බව චීනය පසුගිය දෙසැම්බරයේ දී වාර්තා කිරීමත් සමඟ ආසියාවේ කුරුලු උණ පැතිර යාම පිළිබඳ අවදානමක් ඇති වී තිබේ. ඉන් පසුවත් මේ ආසාදනයට ලක්වූ තවත් චීන ජාතිකයකු මිය ගොස් ඇත.

මෙම වයිරසය සතුන්ගෙන් මනුෂ්‍යයන්ට කෙලින්ම බෝ වන්නකි . ඉහත කී කාන්තාව කුකුළන් ඇතිකරන තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ. එහෙත් මෙම රෝගය මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි තත්ත්වයක් උද්ගත වීමට ඉඩ ඇතැයි විෂේෂඥයෝ විශ්වාස කරති. එසේ වුවහොත් මෙමෙ රෝගය වසංගතයක් ලෙස පැතිර යාමට ඉඩ ඇතැයි ඔවුහු බිය පළ කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා