ඔස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වය තවත් සති දෙකක්

ඔස්ට්‍රේලියාවේ ගංවතුර තත්ත්වය තවත් සති දෙකක්

ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශවලට බලපා ඇති දරුණු ගංවතුරින් කොටු වූ සිය ගණනක් පිරිස් ඉවත් කර ගැනීමට බදාදාත් කටයුතු කර තිබේ.

වග වගාහි මුරම්බ්‍රිජ් ගඟේ ජලමට්ටම ඉහළයාම නතර වීමත් සමඟ ප්‍රදේශවාදීන් සැනසුම් සුසුම් හෙලූ බව වාර්තා වේ.

වග වගාවලට වයඹ දිගින් පිහිටි ග්‍රිෆිත් නිවැසියන් 600කට ද නිවාස අත්හැර යන ලෙස නියෝග කර තිබේ. 16000ක් පමණ වු ජනතාවක් වෙසෙන නිව් සවුත් වේල්ස් හී පහත් බිම්වලට ද ගංවතුර තර්ජනය බලපා තිබේ. එම ප්‍රදේශය හුදකලා වීමට ඉඩකඩ ඇතැයි රාජ්‍ය හදිසි සේවාවේ ප්‍රකාශක ජේම්ස් මැක්ටැවිෂ් කියයි. මෙම තත්ත්වය තවත් සති දෙකක් පමණ කාලයක් පවතිනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නැගෙනහිර ප්‍රාන්ත තුනකට බලපා ඇති මෙම දරුණු ගංවතුරින් බේරී මෝටර් රථයකින් පලා යාමට තැත් කළ දෙදෙනෙක් ගං වතුරට ගසාගෙන ගොස් ඇත. දේපළවලට ද මිලියන ගණනාවක හානියක් සිදුව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා