ලිබියාවේ පොදු රද මඬුලු සුසාන බිමේ ඔස්ට්‍රේලියාවේ ‍ෙසාහොන් විනාශ කළැයි ජුලියාගෙන් චෝදනා

ලිබියාවේ පොදු රද මඬුලු සුසාන බිමේ ඔස්ට්‍රේලියාවේ ‍ෙසාහොන් විනාශ කළැයි ජුලියාගෙන් චෝදනා

ලිබියාවේ පොදු රාජ්‍ය මණ්ඩල සුසාන භූමියේ ඇති ඕස්ට්‍රේලියානු සොහොන් විනාශ කර දමා ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ජූලියා ගිලාඩ් චෝදනා කරයි. මෙම විනාශකාරි ක්‍රියාවලට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ඇය ලිබියානු අන්තර්වාර පාලනයෙන් ඉල්ලා ඇත.

බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සොහොන් මෙසේ විනාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ දී නේටෝ ගුවන් කඳවුරකදී කුරානය පුළුස්සා දැමීමෙන් කෝපයට පත් මුස්ලිම් සලාෆිස්ට් සංවිධාන සමාජිකයන් විසින් බව වාර්තා වේ. බෙන්ගාසි සුසාන භූමියේ සොහොන් 55න් 50ක් ම විනාශ කර ඇතැයි ජූලියා ගිලාඩ් අනාවරණය කර තිබේ. මෙම සිද්ධිය තරයේ හෙළා දැක ඇති අන්තර්වාර පාලකයන් සාධාරණ විමර්ශනයක් පවත්වන බවට පොරොන්දු වී ඇත.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වැරැදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවන ලෙස ඇය අවධාරණය කරන්නීය.

තවද විනාශයට පත් කළ සියලුම සොහොන් යළි යථා තත්ත්වයට පත් කරන බවට ද අගමැති ගිලාඩ් ප්‍රතිඥා දී තිබේ .

මෙම සුසාන භූමියේ මිහිදන් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ උතුරු අප්‍රිකානු සටනේදී මිය ගිය සෙබළුන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා