බෝම්බයක් පිපිරී පාකිස්තානයේ දරුවෙක් මරුට

බෝම්බයක් පිපිරී පාකිස්තානයේ දරුවෙක් මරුට

වයඹ දිග පාකිස්තානයේ පෙෂවෝ නගරයේ දී බදාදා බෝම්බයක් පුපුරා යාමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් තව තුන් දෙනකු තුවාල ලැබූ බව එරට පොලීසිය පවසයි.

මෙම බෝම්බය ෂිමි චොවාක් ගම්මානයේ කානුවක අටවා තිබූ බවත් දුරස්ථ පාලකයකින් පුපුරුවා ඇති බව බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නායකයා වාර්තා කරයි. තලෙයිබාන් ත්‍රස්තවාදීන් යළිත් වරක් බෝම්බ පිපිරවීම් සහ මරාගෙන මැරෙන ප්‍රහාර උත්සන්න කර ඇතැයි බලධාරීහු පවසති.

කෙසේ වෙතත් ප්‍රහාරය පිළිබඳ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත . මෙය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකළ බවට සැක කෙරේ. මිලියන 2 . 5ක පමණ ජනතාවක් වෙසෙන පෙෂවෝ නගරය ත්‍රස්වාදීන් ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වී ඇත . ඉස්ලමාබාදය ඇමෙරිකාව සමඟ ඇතිකරගෙන ඇති කුළුපගකමට එරෙහිව තලෙයිබානුවන් ප්‍රහාර එල්ල කරනු ලැබේ .

2007 දී පාකිස්තාන් හමුදාව විසින් ඉස්ලමාබාද් හී සටන්කාමීන්ගේ දේවස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව සටන්කාමීන් විසින් 4900කට අධික පිරිසක් මරා දමා ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා