ආරාධිත සිවුකොන් එල්ලේ තරගාවලිය 18දා මාටාගොඩ දී

ආරාධිත සිවුකොන් එල්ලේ තරගාවලිය 18දා මාටාගොඩ දී

වත්තල කෙරවලපිටිය මුදිත ක්‍රීඩා සමාජයේ ප්‍රබල අනුගාමිකයෙක්ව සිටි ආර්. ඒ. කැමිලස් පෙරේරා මහතා අනුස්මරණය කරමින් මුදිත ක්‍රීඩා සමාජය මෙහෙයවන ආරාධිත සිවුකොන් එල්ලේ තරගාවලියක් මේ මස 18 වැනි ඉරුදින පෙරවරු 10.30 ට මාටාගොඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දිවයිනේ ප්‍රබල එල්ලේ කණ්ඩායම් වූ මැදකොළඹ ශ්‍රී විජය, කිත්තම්පහුව ගාමිණි, පේරලන්ද ශා.අන්තෝනි සහ කෙරවලපිටිය මුදිත යන ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන මෙම ආරාධිත එල්ලේ තරගාවලියට සාදර සංවිධාන අනුග්‍රහය දක්වා සිටින්නේ විශ්ව ශක්ති වෛද්‍යචාර්ය ලියොන් අමරානන්ද මහතා විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා