අනුරපුර දිස්ත්‍රික් ක්‍රිකට් මුල් පුටුව නැවැත දුමින්දට

අනුරපුර දිස්ත්‍රික් ක්‍රිකට් මුල් පුටුව නැවැත දුමින්දට

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා තේරී පත්විය. සභාපති ධුරය සඳහා දුමින්ද දිසානායක මහතා සමඟ බන්දුල පත්මසිරි මහතා තරග වැදුනු අතර, එහිදී රහස් ඡන්දයකින් දුමින්ද දිසානායක මහතා ඡන්ද 23 කුත්, බන්දුල පත්මසිරි මහතා ඡන්ද 05 කුත් ලෙස ලබාගනිමින් දුමින්ද දිසානායක මහතා සභාපති ධුරයට පත්විය.

ලබන වසරේදී රහස් ඡන්ද පැවැත්වීමද නතර කිරීම සඳහා වූ පියවර ගැනීමේ වැදගත්කම පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩා සංගමයක සභාපති ධුරයට ඇමැතිවරයෙකු පත්කර ගැනීමෙන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සැළසෙන බව සැමදෙනාම පිළිගන්නේ නම් එසේ පත්කර ගැනීම වඩා වැදගත් වන බව කියා සිටියේය.

එසේ නොමැතිව කල්ලි හෝ කණ්ඩායම්වලට බෙදී කටයුතු කිරීම මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් දියුණු කළ නොහැකි බවද දුමින්ද දිසානායක මහතා පැවසීය. දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වූ පමණින් තමාට පමණක් දිස්ත්‍රික්කයේ ක්‍රිකට් දියුණුකළ නොහැකි බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය අවශ්‍ය වන බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා