ඒ.වී.අයි.බැඩ්මින්ටන් තරගාවලිය 21දා සිට

ඒ.වී.අයි.බැඩ්මින්ටන් තරගාවලිය 21දා සිට

වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන ඒ. වී. අයි. ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 21 දින සිට 25 දින දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩී. එස්. අයි. ආයතනයේ අනුග්‍රහයෙන් තුන්වැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියට අවුරුදු 40න් ඉහළ පිරිමි යුගල සහ කේවල තරග ද, අවුරුදු 50න් ඉහළ පිරිමි යුගල හා කේවල තරගද පැවැත්වෙන අතර කාන්තාවන් සඳහා අවුරුදු 35න් ඉහළ යුගල හා කේවල තරග ඉසව්වක් ද පැවැත්වේ.

මේ තරගාවලිය සඳහා සහභාගි විය හැක්කේ වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමයේ අනුබද්ධිත ක්‍රීඩා සංවිධානවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි. අයැදුම්පත් තරග ලේකම්, වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය, ජයලත් ගොඩනැගිල්ල, අංක 65/1, දෙවැනි මහළ, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයෙන් ලබාගත හැකි බවත්, වැඩි විස්තර 071 4900631 දුරකතන අංකයෙන් ලබාගත හැකි බවත් සංවිධායකයෝ දන්වා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා