පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ අතවර සිද්ධියේ සැකකරුට බර වැඩ සහිත දෙවසරක සිර දඬුවම්

පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ අතවර සිද්ධියේ සැකකරුට බර වැඩ සහිත දෙවසරක සිර දඬුවම්

මවුපියන් නැති දරු දැරියන් ආරක්ෂා කර ගනීම සඳහා පවත්වාගෙන යන සමාජ සේවා ආයතනවල විධායක නිලධාරීන් ඔවුන්ගේ සිතැඟි ඉටුකර ගැනීමට එම ආයතනවල නේවාසික දරු දැරියන් පාවිච්චි කරන්නේ නම් ඔවුන් එම දරු දැරියන්ගේ අනාගතය සදාකාලිකව විනාශ කරන පුද්ගලයන් බව සනාථ වන්නේ යැයි පාණදුර පළාත් බද මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පසුගියදා විවෘත අධිකරණයේදී පැවසුවාය.

විනිසුරුවරිය එසේ ප්‍රකාශ කළේ පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ සහකාර අධ්‍යක්ෂවරයකුව සිටි අයකුට අවුරුදු දෙකක් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරමිනි. මේ දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක මුදලක් පැමිණිලිකාරිය වෙතගෙවන ලෙසටද නියෝග කෙරුණි.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් එක් අවුරුද්දක සිර දඬුවමක් ද විත්තිකරුට නියම කෙරුණි.

අධිචෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ නඩු විභාගයකට පසුව විත්තිකරු වරදකරු බව අධිකරණය තීරණය කළේය.

මේ චෝදනා ඉදිරිපත් කර විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණේ නීතිපතිවරයා විසිනි.

විත්තිකරු අධිචෝදනා ලබා සිටියේ පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ තරුණියකට ලිංගික අතවරයක් 2003 ජනවාරි මස 31 හෝ ඊට ආසන්නයේදී එස්.ඕ.එස්. ගම්මානයේ පරිපාලන කාර්යාලයේදී සිදු කිරීම සම්බන්ධයෙනි.

රජයේ නීතිඥ දිස්නා වර්ණකුල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා