කෝටියක මුදල් වංචාවේ සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

කෝටියක මුදල් වංචාවේ සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

රුපියල් එක්කෝටි අට ලක්‍ෂයක් වංචා කළ බවට සැක කටයුතු යුවළක් පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා යැයි සඳහන් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. පැමිණිලි ගැන පරීක්‍ෂණ පවත්වනවිට සටහන් කරගන්නා සාක්කි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලිසියට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද තිබුණ ද අදාළ නිලධාරීන් නීති රීති අනුව රාජකාරී කටයුතු කරන්නේ නැති බව පෙනෙනවා යැයි පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විවෘත අධිකරණයේ දී පැවසීය.

මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේ අපරාධ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර පරීක්‍ෂණ වාර්තාවක් පිළිබඳ කරුණු දක්වමිනි. කුමන විදියේ පරීක්‍ෂණයක් පවත්වනවා දැයි මෙම වාර්තාවේ සඳහන් නැතැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ස්වාමීනි විත්තිකාර යුවළ රුපියල් එක්කෝටි අට ලක්‍ෂයක් වංචා කළ බව සඳහන් කරමින් මගේ සේවාදායකයා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර තිබෙනවා. පරීක්‍ෂණ පවත්වනවා යැයි කීවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී තිබෙනවා. පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා පැවසීය.

මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුව නොගන්නා නිලධාරීන්ට අපරාධ නීති සංග්‍රහයෙන්ම කටයුතු කිරීමට අධිකරණය පියවර ගන්නවා. මා එම නීතිය පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කරනවා.

එසේ පැවසූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා