‘ළඟම ඥාතියකු ඉල්ලුවොත් රුපියල් ලක්‍ෂ 1 1/2ක් දෙනවා’

 දුම්රියෙන් වැටී මියගිය තරුණයාට

‘ළඟම ඥාතියකු ඉල්ලුවොත් රුපියල් ලක්‍ෂ 1 1/2ක් දෙනවා’

දුම්රියෙන් වැටී මියගිය තරුණයා වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අදාළ වන්දි මුදල ලබා ගැනීමට නම් මියගිය අයගේ ළගම ඥතියකු ඉල්ලීමක් කළ යුතු යැයි දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා පවසයි. දුම්රිය අනතුරකදී දුම්රියේ ගමන් කළ මගීන් හට සිදුවන අනතුරු සඳහා අනතුරේ ස්වභාවය අනුව වන්දි ගෙවීමේ ක්‍රමයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතී.

අනතුරකින් මිය ගිය හොත් රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් පිරිනමනු ඇත. පසුගියදා කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කළ වේයන්ගොඩ එළුවපිටිය පදිංචි එස්.ජේ සමීර ප්‍රසාද් (24)නමැති තරුණයා වේයන්ගොඩ දුම්රිය ස්ථනයේ දුම්රිය නතර කිරීමට පෙර දුම්රිය පාපුරුවට පැමිණීමෙන් පසු දුම්රියෙන් බිමට වැටී බරපතල තුවාල සිදුවීමෙන් පසු මිය ගොස් ඇත.

දුම්රිය පාපුරුවේ ගමන් කිරිමෙන් අනතුරු සිදුවන බැවින් මගීන් දුම්රිය පාපුරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්නැයිද දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා