කොටි ජාත්‍යන්තර ජාලය කෝටි 500ක් වැය කරලා

ජිනීවා චෝදනා දිනවන්න

කොටි ජාත්‍යන්තර ජාලය කෝටි 500ක් වැය කරලා

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා ජයග්‍රහණය කිරීම සඳහා කොටි ජාත්‍යන්තර ජාලය රු.කෝටි 500කට වැඩි මුදලක් වැය කර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ කොටි හිතවාදී සංවිධාන මගින් ජිනීවා සමුළුවට සහභාගි වී සිටින රටවලට බලපෑම් එල්ල කිරීම කොටි ජාත්‍යන්තර ජාලයේ අරමුණ වී ඇත. කොටි හිතවාදී ශ්‍රී ලාංකිකයන් පිරිසකට ද කොටි ජාලය විසින් මෙලෙස මුදල් ලබා දී ඇති අතර එම පිරිසද නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් මේ වන විට ජිනීවා නුවර සිටින බව ආරක්‍ෂක බුද්ධි අංශ පවසයි.

කොටි හිතවාදී උද්ඝෝෂණ, පෝස්ටර් ව්‍යාපාර පවත්වන ලෙස කොටි ජාත්‍යන්තර ජාලය රාජ්‍ය නොවන සංවිධානවලට උපදෙස් ලබා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා