ඇමැති ජන්ම දින සමරා ආගමික හා ප්‍රජා සේවා රැසක්

ඇමැති ජන්ම දින සමරා ආගමික හා ප්‍රජා සේවා රැසක්

අඩු ආදායම්ලාභී මවකට පෝෂණ මල්ලක් පිරිනැමූ අවස්ථාව
ඡායාරූපය – මහරගම විශේෂ

ඉන්ජිනේරු කටයුතු, ඉදිකිරීම්, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල්වීරවංශ මහතාගේ 42 වැනි ජන්ම දින උළෙල, කොළඹ දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉකුත්දා කොට්ටාව කාර්යාලයේදී පැවැත්විණි.

මේ උත්සවය සාදයකට වඩා ආගමිත හා ප්‍රජා සේවා මුහුණුවරක් ගත්තේය.

උපන්දින කිරිබතද නව ආරකින් සැපයීය.

වෙන උපන් දින කැපෙන කේක් ගෙඩිය වෙනුවට ඇමැතිවරයා අතින් කැපුණේ දැවැන්ත කිරිබතයි. කිරිබත කැපූ ඇමැතිවරයා “මේ ගෙදර ලොක්කා දිස්ත්‍රික් කළමනාකාර මහත්තය නේ” මෙසේ පවසා පළමු කිරිබත් කෑල්ල කොළඹ දිස්ත්‍රිත් කළමනාකාර ගුණපාල දිසානායකට කැව්වේය.

මේ සියල්ල සිදු වූයේ සෙත්පිරිත් ජයමංගල දේශනා මැද්දේය. පිරිත් දෙසූ හිමිවරු ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාටම පිරිත් පැන් ඉස අත්වල පිරිත් නූල් බැන්දාහ.

කිරිබත් සාදයේ විශේෂ ලක්ෂණය වූයේ සෑම සාදයක දැක්නට ලැබෙන කේක් රෝල්ස් පැටිස්, සැන්වීච් එහි නොවීමය.

අනතුරුව වූයේ ප්‍රජා සත්කාර අංශයයි. පෝෂණ මලු, පාසල් දරුවන්ට පොත්පත්, සිල්ගන්න මෑණිවරුන්ට සිල් රෙදි පියවරුන් කිහිප දෙනකුට ඇඳුම් කට්ටල සහ අඩු ආදායම් ලබන පවුල් කිහිපයකට මදුරු දැල්ද මෙහිදී ඇමැතිවරයා අතින් පිරිනැමීම විශේෂයක් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා