වහලෙ සිවිලිම කැඩිලා: අවිධිමත් විදුලිරැහැන් අනතුරුදායකයි

රඹුක්කන ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අබලන්

වහලෙ සිවිලිම කැඩිලා: අවිධිමත් විදුලිරැහැන් අනතුරුදායකයි

1957 දී පමණ ඉදිකර ඇති ඉපැරැණි ගොඩනැගිල්ලක රඹුක්කන ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යනු ලබන්නේ කොතකුත් අපහසුතා මැදය. එසේ වුවද ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවාවෙහි කිසිදු අඩුවක් නොමැත.

මේ ගොඩනැඟිල්ල ඉතාම අබලන් තත්ත්වයේ පවතින එකකි. වර්ෂාකාලයේදී ස්ථාන කීපයක වැසි ජලය එකතු කිරීම සඳහා භාජන තැබීමට සිදුව තිබේ. මේ නිසා අවධිමත් විදුලි රැහැන් ඇද තිබීමනිසාවෙන් නිතර විදුලි ඇණහිටීම් සිදුවෙන බවද සේවකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන් ප්‍රධාන ශාලාවෙහි විදුලි පරිපත සකස්කර තිබෙන ආකාරය මරු කපොල්ලකි. වහලෙහි සිවිලිම් කඩාවැටී ඇත. ඇතැම් දැව දිරාපත්ව පවතී. ඒවාට යකඩ බට ආධාරක යොදා තිබෙන අයුරු එහි ගොඩවෙන කාහට වුවද දැක ගැනීමට පුළුවන.

කෙසේ වුවද රඹුක්කන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභභාපති අතුල හදගම මහතා සභා කටයුතු වඩාත් ක්‍රමවත්ව කරගෙන යාම සඳහා සභාවේ සියලු කටයුතු පරිගණකගත කිරීමට පියවර ගෙන තිබේ. එහෙත් ඒවා ක්‍රියාත්ම කරවීමේදී විදුලිය සම්බන්ධ කිරීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

සභා කටයුතු කරගෙන යාම සඳහා සිවු මහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැත් එහි සේවා කටයුතු ආරම්භ කිරීම දවසින් දවස කල්යයි. අද එහි බැංකු ආයතන දෙකක් ආරම්භ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා