බදු සංශෝධනයේ අරමුණ

බදු සංශෝධනයේ අරමුණ

මත්පැන් දුම්වැටිවලින් බිලියන 3ක ආදායම්

ආනයනික වාහන අඩු කිරීම

ඉන්ධන පිරිමැස්ම

මහා භාණ්ඩාගාර නි.ලේකම්

රජය සිදු කළ තීරු බදු සංශෝධනයේ අරමුණ ආනයනික වාහන ප්‍රමාණය අඩු කිරීම සහ ඉන්ධන පරිභෝජනය අවම කිරීම බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

තවද මත්පැන් සහ දුම්වැටිවල මිල සංශෝධනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 3ක ආදායමක් හිමිවන බව ද හෙතෙම පැවසීය. රජය වහාම ක්‍රියාත්මක වන පරිදි නම් කරන ලද රථ වාහනවල නිෂ්පාදන බදු මුදල් ඉහළ දැමීමට තීරණය කරනු ලැබීමෙන් පසු මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගෙන් දිනමිණ කළ විමසීමක දී ඔහු මේ තොරතුරු අනාවරණය කළේය.

තවද වාහන ආනයනය සීමා කිරීමෙන් ඉන්ධන පරිභෝජනය ද පහල යන අතර ඒ අනුව ඉන්ධන සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමද මෙහි අරමුණ බව නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය. ඒ අනුව යතුරුපැදි ත්‍රිරෝද රථ හා පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ හා හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු ඉහළ නැංවේ.

යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා සියයට 51 සිට සියයට 100 දක්වා ද, මෝටර් රථ සඳහා 112% සිට 275% දක්වාද වෑන් සඳහා 112% සිට 350% දක්වා ද හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා 51% සිට 125% දක්වා ද නිෂ්පාදන මිල ගණන් ඉහළ නංවා ඇත.

තවද ආනයනික බියර් ලීටරය රුපියල් 50 කින්ද දේශීය බියර් ලීටරය රුපියල් 5කින් ද සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 60 බැගින් ද ඉහළ නංවා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා