බුද්ධිමත් හා රටට වැඩදායී ජනනායකයන් තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි

බුද්ධිමත් හා රටට වැඩදායී ජනනායකයන් තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි

- ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

බුද්ධිමත් හා රටට වැඩදායී ජනතා නියෝජිතයින් තෝරා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමැතිවරිය එසේ ප්‍රකාශ කළේ රක්වාන ආසනය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ හැරල්ඩ් කුලරත්න මැතිතුමාගේ 25 වන ගුණානුස්මරණ උත්සවයට සහභාගි වෙමිනි. මෙම උත්සවය ගොඩකවෙල රංවල කුලරත්න ළමා නිවාස භූමියේ දී පසුගියදා පැවැත්විණි.

අද අප අනුස්මරණය කරන හැරල්ඩ් කුලරත්න මැතිතුමා රටට ආදරය කළ බුද්ධිමත් ජනතා නියෝජිතයෙක්. රක්වානට සංවර්ධනය රැගෙන ඒමට ඔහු කටයුතු කළා. හැරල්ඩ් කුලරත්න මැතිතුමා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටු කළා.

රටට අවශ්‍ය වන්නෙ මෙවැනි දේශපාලනඥයන් බවද ඇමැතිවරිය මෙහිදී පැවසුවාය.

මෙහිදී හැරල්ඩ් කුලරත්න අනුස්මරණ දේශනය මුත්තෙට්ටුපොළ සෝමානන්ද නාහිමි සිදු කළේය. හැරල්ඩ් කුලරත්න මැතිතුමාගේ පිළිරුවක් නිරාවරණය කිරීම සහ “ජන හද ගැස්ම දුටු හැරල්ඩ් කුලරත්න” කෘතිය එළිදැක්වීම මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් අධිකරණ සංඝනායක බලංගොඩ මේධානන්ද නාහිමි, මහා සංඝරත්නය, එ.ජා.ප. සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අකුකෝරල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා