දකුණු කොරියානු නායකයාගේ සාර්ථකත්වය උරගා බැලෙන මැතිවරණයක් අද

දකුණු කොරියානු නායකයාගේ සාර්ථකත්වය උරගා බැලෙන මැතිවරණයක් අද

දකුණු කොරියානු නායක ලී මියුං බක් ගේ පාලනයේ සාර්ථකත්වය උරගා බැලෙන ජන මත විචාරණයක ස්වරූපය ගන්නා මැතිවරණයක් අද දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතය.

දකුණු කොරියාවට වසන්තය උදා කිරීමට තම පක්ෂය බලයට පත් කරන ලෙස විරුද්ධ පක්ෂ නායිකා හැන් මියොං සූක් අවසන් ඡන්ද රැස්වීමේ දී ජනතාවගෙන් ඉල්ලා ඇත. තව මාස අටකින් පමණ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මියුං බක් ගේ ජය තහවුරු කර ගැනීමට මෙම ඡන්ද ප්‍රතිඵලය අතිශය තීරණාත්මක බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

දකුණු කොරියාවේ ජනාධිපති ධූර කාල සීමාව වසර පහක් වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ වසර හතරකට වරක් ය .මෙම මැතිවරණ දෙකම එකම වසරක යෙදී ඇත්තේ දසක දෙකකින් පසුවයි. වත්මන් පාර්ලිමේන්තුවේ මියුම් බක් ගේ පක්ෂයට ආසන 165 ක් හිමිවී ඇති අතර ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ අසුන් 89 ක් පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා