මාලි කුමන්ත්‍රණ නායකයා ප්‍රජාතන්ත්‍රවාදයට මුව අරී

මාලි කුමන්ත්‍රණ නායකයා ප්‍රජාතන්ත්‍රවාදයට මුව අරී

මාලී හි කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා නායකයා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යළි ස්ථාපිත කිරීමට බලයපැවරිම සම්බන්ධයෙන් පෙරේදා සාකච්ඡා පවත්වා තිබේ. මාලී රාජ්‍යයෙන් අඩක් දැනට පාලනය කරනු ලබන්නේ ඉස්ලාමීය අන්තවාදීන් සහ කැරළිකරුවන් විසිනි.

බලය පැවරීමේ ක්‍රියාදාමය වේගවත් කිරීමේ අරමුණ ඇතිව මාලි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලියාපදිංචි කිරීම සදහා එරට ව්‍යවස්ථාදායක අධිකරණය අඟහරුවාදා රැස්වීමට තියමිත විය.

පසුගිය මාර්තු 22වැනි දින බලය අල්ලා ගත් හමුදා කපිතාන් අමාඩු සැනගෝ බලය පවරා දීම සම්බන්ධයෙන් කතානායක ඩියොන් කවුන්ඩා ට්‍රඕරි සමඟ සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවට අන්තර් ජාතික නිරීක්ෂකයන් ද සහභාගි වූ බව වාර්තා වේ .මේ අනුව කතානායකයා මාලි හී අන්තර්වාර ජනාධිපති වශයෙන් කටයුතු කරනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා