21 වැනි ශතවර්ෂයේ ලෝකය පදනම් වන්නේ අමෙරිකා-ඉන්දියා සබඳතා මතයි

21 වැනි ශතවර්ෂයේ ලෝකය පදනම් වන්නේ අමෙරිකා-ඉන්දියා සබඳතා මතයි

හිලරි ක්ලින්ටන්

මීට වසරකට පමණ පෙර අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ චාරිකාවක නියැළුන අවස්ථාවේ දී ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දෙක වන අමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතාව මත 21 වැනි ශතවර්ෂයේ ලෝකය පදනම් වනු ඇතැයි ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් මේ වන විට දෙරට අතර සබඳතා දුෂ්කර සන්ධි ස්ථානයකට අවතීර්ණ වී ඇත. ඉන්දියාව සහ අමෙරිකාව අතර සබඳතා තහවුරු වීමට පටන් ගත්තේ 1990 ගණන්වල සිටයි .එමනිසා දෙරට අතර සබඳතා යළි සීතල යුද සමයේ පැවති තත්ත්වයට පත්වනු දැකීමට කිසිවෙකුත් අපේක්ෂා නොකරයි.

සීතල යුද සමයේ දී ඉන්දියාව බොහෝ දුරට නැඹුරුව සිටියේ රුසියාව දෙසටයි .පසුගිය දසකය තුළ ඉන්දියාව සහ අමෙරිකාව අතර වෙළෙඳ ගනුදෙනු වැඩි දියුණු වූවාක් මෙන්ම දැඩි අර්බුදකාරි තත්ත්වයන් ද ඉස්මතු වී තිබේ.

නව සබඳතාවල සං‍කේතය වශයෙන් සැලකෙන න්‍යෂ්ටික ගිවිසුමද අතරමඟ නතර වී ඇත. මේ අතර ඉරානයෙන් ආනයනය කරන ඛනිජ තෙල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීමට ඉන්දියාව කටයුතු නොකරන්නේ නම් සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණයකර ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා