ජී 8 සමුළුවේ විදේශ අමාත්‍යවරු වොෂින්ටනයේ දී හමුවෙති

ජී 8 සමුළුවේ විදේශ අමාත්‍යවරු වොෂින්ටනයේ දී හමුවෙති

ගෝලීය සහ කලාපීය මට්ටමින් අතිශය වැදගත් ලෙස සැලකෙන ආරක්ෂක ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට ජී 8 සමුළුවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ලබන සතියේදී වොෂින්ටනයේ දී හමුවීමට නියමිතය. මෙහිදී සිරියාව ඉරාණය සහ උතුරු කොරියාව කෙරේ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින තුළ පැවැත්වෙන මෙම සමුළුව අතරවාරයේ දී ඇමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ රුසියන් රාජ්‍ය ලේකම් සර්ජි ලැව්රොව් අතර සුවිශේෂ සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇත.

ඉහත කී රටවල් තුන ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් රුසියාව වෙනත් මතයක් දැරීම හේතුවෙන් එම සාකච්ඡා වටය අතිශයෙන් තීරණාත්මක වනු ඇතැයි සැලකේ. ඇමෙරිකාව රුසියාව බ්‍රිතාන්‍ය කැනඩාව ප්‍රංශය ජර්මණිය ඉතාලිය සහ ජපානය ජී 8 සංවිධානයේ සාමාජික රටවල් වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා