නුවරඑළිය - බදුල්ල - මාතර භූ කම්පන තත්ත්වයක්

නුවරඑළිය - බදුල්ල - මාතර භූ කම්පන තත්ත්වයක්

විනාඩි දෙකක සෙලවීමක්: හානි කිසිවක් නෑ

ශශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (20) අලුයම 1.45 ට පමණ මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබෙන අතර එය නුවරඑළිය, බදුල්ල, මාතර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයකට බලපා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලාල් කුමාර මහතා “දිනමිණ” ට පැවැසීය.

මේ තත්ත්වය විනාඩි දෙකක පමණ කාලයක් පැවැති අතර පල්ලෙකැලේ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යංශයට අයත් භූ® කම්පන මානවල ද එය සටහන්ව තිබෙන බව හෙතෙම සඳහන් කළේය. නුවරඑළිය ප්‍රදේශයේ ඇතිවූ භූ® කම්පන තත්ත්වය හේතුවෙන් සුළු වේලාවක් ශබ්දයක් පැවැති අතර ඒ මගින් කිසිදු හානියක් සිදු නොවූ බව වාර්තා වෙයි.

මේ අතර බණ්ඩාරවෙල හා බදුල්ල ප්‍රදේශයන්හි සිදුවූ භූ කම්පන තත්ත්වයන් හේතුවෙන් නිවාසවල වහල තරමක් සෙලවී තිබෙන අතර හසලක ප්‍රදේශයේ නිවෙසක ජල ටැංකියේ කිසියම් පිපිරීමක් සිදු වී තිබෙන බව ද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා