නුවරඑළිය නගරයේ යළි පදික වෙළෙඳාම් වැඩිවෙලා

නුවරඑළිය නගරයේ යළි පදික වෙළෙඳාම් වැඩිවෙලා

දෙස් විදෙස් - සංචාරකයන්ටත් හිරිහැරයක්

“නුවරඑළිය නගරය” මෑතක දී සිට නැවතත් පදික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමේ උත්සාහයක් දැකිය හැකිය.

නුවරඑළිය නගරයේ වෙළෙඳ ආයතනවල අලෙවි කරන ආහාර පාන, රෙදිපිළි, විසිතුරු භාණ්ඩ, එළවළු හා පළතුරු ඇතුළු සෑම සියලු දේ පදික වේදිකාවේ දී අලෙවි කරන්නට පටන්ගෙන ඇත.

මේ හේතුව නිසා, නුවරඑළිය මහ නගර සභාවේ බදු බරින් මිරිකී සිටින, සමස්ථ වෙළඳ ප්‍රජාවම මෙම තත්ත්වයට විරෝධය පල කරති.

නුවරඑළිය නාගරික වෙළඳ සංගමය ද මීට විරෝධය පළකොට, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දීමක් ද කර තිබේ.

නගරයේ ප්‍රධාන වීදි අතරවූ පදික ෙවේදිකා භාවිතා කරමින් වෙළඳ කටයුතු පවත්වාගෙන යන මෙම වෙළෙන්දන් නිසා, නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයිනට මෙන්ම, පාරිභෝගික ජනතාවට හා අනෙකුත් ජන කොටස්වලට නගරය තුළ නිදහස්ව ගමන් කිරීමට බාධා ද ඇතිවේ. ඇතැම් අවස්ථාවල දෙස් - විදෙස් සංචාරකයිනට, මෙම පදික වෙළඳුන් ගෙන් විවිධ පිරිහැරවලට හා තර්ජන ගර්ජන වලට ද මුහුණ දෙන්නට සිදුව තිබෙන බවද කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා