නේටෝ මහ ලේකම් පාකිස්තාන ජනපති හමුවක්

මහ සමුළුව අතරවාරයේ දී

නේටෝ මහ ලේකම් පාකිස්තාන ජනපති හමුවක්

චිකාගෝ හී පැවැත්වෙන නේටෝ මහ සමුළු රැස්වීම අතරවාරයේ දී නේටෝ මහ ලේකම් ජෙනරාල් ඇන්ඩර්ස් ෆොග් සෙනසුරාදා පාකිස්තාන් ජනාධිපති අසීෆ් අල් සර්ධාරි හමුවීමට නියමිතය . ඇෆ්ගනිස්තානයේදේශපාලන ස්ථාවරත්වය යළි ඇතිකිරීම සඳහා වන ප්‍රයත්නයන්ට සහයෝගය ලබාදෙන ලෙස ඔහු පාකිස්තානයට බලකර ඇත.

ඇමෙරිකන්හමුදා ප්‍රහාරයකින් පසුගියනොවැම්බරයේ පාකිස්තාන් භටයන් 26 දෙනකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුව පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ නේටෝ සැපයුම් මාර්ග මාස හයක් තිස්සේ වසා දමනු ලැබීය. ඇෆ්ගන් ජනාධිපති සර්දාරි මෙම සමුළුවට සහභාගිවූයේ පාකිස්තානය විසින් මෙම බාධකයඉවත් කරනු ඇතැයි අපේක්ෂාවෙනි .ඇෆ්ගන් - පාකිස්තාන් දේශසීමාව හරහා ත්‍රස්තවාදීන් පාක්ස්තානයට පැමිණ එම භූමියේ සිට ක්‍රියාත්මක වීම වැළැක්වීමට පාකිස්තානය දැඩි අවධානය යොමු කළ යුතු බවටත් නේටෝ ප්‍රධානියා ඉල්ලා ඇත .

මෙම සමුළුවට සහභාගිවන ජනාධිපති ඔබාමා ද වසර 2014 දී ඇෆ්ගනිස්තානයෙන් විදෙස් හමුදා ඉවත්කරගැනීම පිළිබඳව නායකයන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ .

ලබන වසරවන විට 352 000 දක්වා වර්ධනය වනු ඇති ඇෆ්ගන් හමුදාවට ඉන් අනතුරුව එරට ආරක්ෂක කටයුතුවල මුල් තැනගෙන කටයුතු කිරීමට හැකිවෙතැයි නේටෝව විශ්වාසය පළ කරයි . එහෙත් ලඟදී තේරී පත්වූ නව ප්‍රංශ අගමැති හොලන්දේ සැලසුම් කර තිබූ කාල සටහනට වසරකට පෙර එනම් ලබන වසරේ දී සිය හමුදා ආපසු කැඳවා ගැනීමට තීරණයකිරීම තුළින් යම් අර්බුදයක් මතු වී ඇතැයි සඳහන් වේ.

2014 විදෙස් හමුදා ඉවත්ව යාමෙන් අනතුරුවත් ආරක්ෂක හමුදා වෙනුවෙන් අරමුදල් සපයන බවටත් ඇෆ්ගන් භටයන් පුහූණු කිරීමෙන් අඛණ්ඩව ඇෆ්ගනිස්තානයට සහයෝගය ලබාදෙන බවටත් ඇමෙරිකන් බලධාරී රස්මුසෙන් ප්‍රතිඥා දී තිබේනේටෝ මහ සමුළුව පැවැත්වෙන අතරවාරයේ දී ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයට එල්ල වූ මරාගෙනමැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලීසියේ තිදෙනෙකු ඇතුළුව 13 දෙනෙකු මිය ගොස් ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා