සිරියාවේ බෝම්බකරුවෙක් නව දෙනකු බිලි ගනී

සිරියාවේ බෝම්බකරුවෙක් නව දෙනකු බිලි ගනී

නැ‍‍ඟෙනහිර සිරියාවේ ඩීර් ඉසෝ හී දී මරාගෙන මැරෙන බෝම්බකරුවකු සෙනසුරාදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ නව දෙනෙක් මිය ගියහ. සති අන්තයේ දී කෑම්ප්ඩේවිඩ් හී පැවැත්වෙන ජී 8 සමුළුවේ දි ජනාධිපති ඔබාමා අවධාරණය කරඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් දැඩි ලෙස පීඩා විඳින සිරියාවේ බල අරගලයට සාමකාමී දේශපාලන විසඳුමක් වහා ලබා දිය යුතු බවයි .

 සහන සේවකයන් බෝම්බයෙන් ගිනිගත් රථයක් නිවා දමමින්...

සිරියාවට දැඩි පීඩනයක් එල්ල කළ යුතු බවට ජී 8 නායකයන් හවුල් ප්‍රකාශයක් නිකුත්කර ඇත. මේ අතරවාරයේ දී සිරියාවේ සගයෙක් වන රුසියාව දැඩිව ප්‍රකාශ කර ඇත්තේ බලහත්කාරයෙන් සිරියාවේ රාජ්‍ය තන්ත්‍රයේ වෙනසක් සිදු නොකළ යුතු බවයි .

මෙම බෝම්බ ප්‍රහාරය නැ‍ඟෙනහිර සිරියාවේ ප්‍රධාන නගරය වූ ඩීර් ඉසෝ නගරයට එල්ල වූ මුල්ම ප්‍රහාරයයි. මේ අතරවාරයේ දී වෙනත් ස්ථාන කිහිපයකදී තවත් 24 දෙනෙක් ඝාතනයට ලක් වී ඇත . ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් වගකීම බාරගෙන නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා