ඊජිප්තු ජනාධිපතිවරණයේ දී හම්ඩීන්ට ජය අත්වන ලකුණු

ඊජිප්තු ජනාධිපතිවරණයේ දී හම්ඩීන්ට ජය අත්වන ලකුණු

හිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී හම්ඩීන් ෂබාහි ට අනපේක්ෂිත ජයග්‍රහණයක් අත්වනු ඇතැයි අනාවැකි පළවේ .උද්යෝගිමත් තරුණ පිරිස්වල සහභාගීත්වයෙන් ඔහු ඩකර්නාස් නගරයේ දී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි ඇත. මැතිවරණ ව්‍යාපාරයේ මුල් අවස්ථාවේ දී ඔහු පසුගාමි අපේක්ෂකයෙක් ලෙස සලකනු ලද මුත් විදෙස්හී වාසය කරන ඊජිප්තු ජාතිකයන් සහ යොවුන් ඡන්ද දායකයන් අතර ඔහු ජනප්‍රියත්වයට පත්ව සිටී . ඒඅනුව මෑතදී පවත්වන ලද මත විමසීම් වලදි ඔහුට වැඩි ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ .

මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේ දී යාඥා මෙහෙයකට සහභාගි වීමට මුස්ලිම් පල්ලියට ගිය 57 හැවිරිදි සභාහි කර මතින් ඉවතට ගෙන ආ ආධාරකරුවන් තාවකාලික වේදිකාවක් මත සිට ජනතාව ඇමතීමට ඔහුට බලකර ඇත . මොහුට ජනාධිපති පදවිය හිමිවුවහොත් තමන්ට රැකියා ,අයිතිවාසිකම් සහ ගෞරවාන්විත දිවිපෙවෙතක් ගත කිරීමට අවස්ථාව උදාවනු ඇතැයි ආධාරකරුවන් විශ්වාසය තබා ඇත .

මේ අතර තවත් පිරිස් පවසා ඇත්තේ තමන් මුල සිටම සබාහී ට සහයෝගය දැක්වූයේ ඔහු දූෂණයට එරෙහිව සටන් කළ 2011 ඊජිප්තු විප්ලවයට පෙර සිටම නොබියව රජයට එරෙහි විරෝධතාවන්ට එක්වූ කෙනෙක් නිසා බවයී .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා