ලකුණු අඩුවීම පරාජයට හේතුවයි

ලකුණු අඩුවීම පරාජයට හේතුවයි

 - මහේල ජයවර්ධන

පාකිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 190 – 200ක් ලබා ගත්තා නම් ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දීමට හැකියාව තිබු බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

“ප්‍රමාණවත් මුළු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කිරීම වැදගත් කාර්යයක් වී තිබුණා. ඒත්, සියළු ගෞරව පාකිස්තානයට හිමිවිය යුතුයි. ඔවුන් ඉතාමත්ම ශක්තිමත්ව අපට එරෙහිව ආවා.

ඔවුන් සතුව ඇත්තේ උසස් තත්ත්වයේ පන්දු ප්‍රහාරයකි. ඒ නිසා අපි ඒ ගැන පරෙස්සම් විය යුතුයි” ජයවර්ධන කියයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් පමණි.

එය “කාසියේ වාසියේ හොඳ පරාජයක්” බව පාකිස්තාන නායක මිස්බා උල් හක් ප්‍රකාශ කරයි. “කුමක් කළ යුතුදැයි තීරණය කිරීම ඕනෑම නායකයෙකුට ඒ අවස්ථාවේ අසීරු කරුණක් වුණා. විකට්ටුවේ තෙතමනය ගොඩක් තිබුණා. එය ආවරණය කරලයි තිබුණේ.

කාසියේ වාසිය උරගා බැලීමේ සටනින් පරාජය වීම අපට වාසියක් වුණා” උල් හක් පැවසීය.  “ඒ වෙලාවේ තිබූ දේශගුණික තත්ත්වයන් යටතේ පන්දුවට පහර දීම ඉතාමත් අසීරු කාර්යයක් වී තිබුණා. නමුත් මොහමඩ් හෆීස් (ලකුණු 37) හා උමාර් අක්මාල් (නොදැවී ලකුණු 36) පාකිස්තානය ජයග්‍රහණය කරා ගෙන ගියා” උල් හක් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා