බෝල්ට් යළි ජයගනී

බෝල්ට් යළි ජයගනී

ඔස්ලෝ නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මී‍ටර් 100 තරග ඉසව්වේ දී ප්‍රතිවාදී ක්‍රීඩක අසාෆා පවෙල් පරාජය කරමින් සිය යුරෝපීය මලල ක්‍රීඩා සංචාරයේ සහභාගි වූ තුන්වැනි මීටර් 100 තරගයේ ජයග්‍රහණයත් අත්කර ගැනීමට ලෝක ශූර ‍උසේන් බෝල්ට් සමත්විය.

ඹහු මේ තරගයේ දී වාර්තා කළ කාලය තත්පර 9.79ක් විය.දෙවැනි ස්ථානය හිමිකර ගත් අසාෆා පවෙල් තත්පර 9.85කින් තරගය නිමා කළ අතර තත්පර 10.10කින් තරගය නිමාකළ ලෙ‍රෝනේ ක්ලාක් තුන්වැනි ස්ථානය අත්කර ගත්තේය.

ඔලිම්පික් කෙටිදුර ධාවන ද්විත්ව රන් පදක්කමට හිමිකම් කියන 25 හැවිරිදි බෝල්ට් සිය විශිෂ්ටතම ප්‍රතිවාදියා වන අසාෆාට මේ තරගයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. 'මේ ජයග්‍රහණය මට පුදුම සතුටක් ගෙනදුන්නා.

ප්‍රීතිමත් ක්‍රීඩා ශූරයෙකු විදහට ආපසු නිවසට යාමට මට දැන් පුළුවනි.' ජයග්‍රහණයෙන් අතිශය උද්දාමයට පත් වූ බෝල්ට් පැවැසීය. '

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා