අනුරපුර විදුලිය නැති පවුල් 1400කට සූර්යකෝෂ ලැන්තෑරුම්

අනුරපුර විදුලිය නැති පවුල් 1400කට සූර්යකෝෂ ලැන්තෑරුම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලිය නැති පවුල් එක්දහස් හාරසිය අනූපහකට උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගැමි එළිය ව්‍යාපෘතිය මගින් සූර්ය කෝෂ ලැන්තෑරුම් ප්‍රදානය කෙරිණි.

මේ උත්සවය පසුගියදා අනුරාධපුර සැනසුම කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී බෙදා දුන් සූර්යකෝෂ ලැන්තෑරුම්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ දෙසිය විසි පහකි.

විවිධ රෝගාබාධවලට ලක්ව ප්‍රතිකාර ලබන රෝගීන් හැත්තෑ අට දෙනෙකු වෙත ප්‍රධාන ඇමැති අරමුදල වෙතින් රුපියල් ලක්ෂ පහමාරක මූල්‍ය ප්‍රතිපාදනයක්ද මෙහිදී පරිත්‍යාග කිරීම විශේෂ සිද්ධියක් විය. ඊට අමතරව සෝයා වගාව අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරවීම අරමුණු කොට ගෙන දිස්ත්‍රික්කයේ ගොවීන් පන්දහසකට වතුර මෝටර ලබාදීමේ වැඩසටහන යටතේ ගොවීන් පනස් දෙනකුට වතුර මෝටර් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

රුපියල් අනූදහසක් පමණ වටිනා මේ වතුර මෝටරය සඳහා එක් ගොවියකුගෙන් රුපියල් තිස්තුන්දහස් දෙසිය පනහක මුදලක් පමණක් අය කෙරෙන අතර ඉතිරි මුදල ප්‍රධාන අමාත්‍යාංශය මගින් දරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා