පන්නල ඇලබඩගම නිවෙසක සැඟවූ සුදු සඳුන් දැව කිලෝ 441ක් අත්අඩංගුවට

පන්නල ඇලබඩගම නිවෙසක සැඟවූ සුදු සඳුන් දැව කිලෝ 441ක් අත්අඩංගුවට

රක්‍ෂිත ඖෂධ දැව වර්ගයක්වන සුදු හඳුන් දැව කැබලි කිලෝ 441ක් බහා තිබූ මලු 16ක් පන්නල පොලිස් වසමේ ඇලබඩගම ප්‍රදේශයේ නිවෙසක ගබඩා කොට තිබියදී සැකකරුවකු ද සමග කුලියාපිටිය පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ ප්‍රදේශයෙන් ගෙනැවිත් ගබඩා කොට ඇති සුදු සඳුන් දැව කැබලි තොගය පිළිබඳව කුලියාපිටිය පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති එම්. එන්. මොහමඩ් අසාමි නමැති සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක සැකකරුවකු බවද පොලිසිය පවසයි.

කුලියාපිටිය පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහතාගේ උපදෙස් මත කුලියාපිටිය පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. පී. එන්. පුෂ්පකුමාර, පො. ප. වීරසිංහ, උ. පො. ප. ඒකනායක, පො. සැ. (49036) කුලතිලක, පො. සැ. (57424) වික්‍රමනායක, පො. කො. (49077) ආනන්ද, පො. කො. (45987) යාසින්, පො. කො. (36232) සුමේධ, පො. කො. (35826) වීරසේකර, පො. කො. (32610) රත්නායක හා පො. කො. රියැදුරු (39673) ජයසිංහ යන මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා