මාතර දිස්ත්‍රික්කයේ සරසවි වරම් ලැබූ සිසුන් 566කට ශිෂ්‍යත්ව

මාතර දිස්ත්‍රික්කයේ සරසවි වරම් ලැබූ සිසුන් 566කට ශිෂ්‍යත්ව

සරසවි වරම් ලැබූවකුට මසකට රුපියල් 2500 ක ප්‍රතිලාභයක් ලබාදීමට පියවර ගෙන ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් සරසවි වරම් ලැබු 566 දෙනෙකුට මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේදී එම ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙලක් පැවැත්විණි.

මාතර මහ දිසාපති ඩබ්ලිව්. කේ. කේ. අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් සුසන්ත අත්තනායක මහතාගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු මෙම උත්සවය සංවිධානය කළහ.

දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර මහතා මෙහිදී කතා කළේය

ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව දකුණ දැනුමේ කේන්ද්‍රස්ථානයට පත් කිරීමයි.

රැකියා සඳහා ඉල්ලුමක් තියෙන තොරතුරු තාක්ෂණ විෂයක් හදාරන්න. ඉංග්‍රීසි භාෂාව ආදි විදේශ භාෂාවන් ඉගෙන ගැනීම වැදගත්. ශිෂ්‍යත්වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන හොඳින් ඉගෙන ගත්හ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා -ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්නේ විශිෂ්ට දක්ෂතා දැක්වූ අයටයි. මෙම ශිෂ්‍යත්ව මුදලින් උපරිම ප්‍රයෝජන ගෙන හොඳින් ඉගෙන ගෙන රටට වැඩක් කරන්න.

මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතුකෝරල මහත්මිය-

මෙම ශිෂ්‍යත්ව සඳහා වැය කරන්නේ අහිංසක මිනිසුන්ගේ් මුදල් බව තේරුම් ගෙන විශ්වවිද්‍යාලයේ කඩා කප්පල්කාරී දේවල් වලට යොමු නොවී හොඳින් ඉගෙන ගෙන සමාජයට වැඩදායි පුරවැසියන් වන ලෙස ඉල්ලා සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා