ජගත් මහ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි රියෝ +20 සමුළුව අදින් අවසන්

ජගත් මහ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි රියෝ +20 සමුළුව අදින් අවසන්

රියෝ +20 තිරසාර සංවර්ධන සමුළුව බ්‍රසීලයේ රියෝ නගරයේ දී ජගත් මහ ලේකම් බැන් කි මුන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ආරම්භ විය . ඊට ජගත් සංවිධානයට අයත් රටවල් 191ක නියෝජිතයන් ඇතුළු 50000කට අ ධික නියෝජිත පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ . මොවුන් අතර ජනාධිපතිවරු සහ රාජ්‍ය නායකයෝ 86 දෙනෙක් සිටිති .

1992 රියෝ නගරයේ දීම පැවති මිහිකත සමුළුවෙන් විසිවසරකින් පසුව මුළුදෙන මේ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ජගත් මහ ලේකම් පවසා ඇත්තේ දේශගුණ විපර්යාසය හා ඈදුන ගැටළු රැසකට ලොව මුහුණ දෙන මේ කාලයේ මේ තුන් දින සමුළුව අවසන් වන අද දින ලෝක නායකයන් විසින් පූර්ව සැසි වාරයක දී පසුගිය අඟහරුවාදා සම්මත කරගත් පිටු 53කින් යුත් කෙටුම්පතකට අනුමැතිය ලබා දීමට නියමිතය . එම කෙටුපත විවිධ පාරිසරික ගැටළු නිරාකරණය කරගැනීමට සහ ස්වභාවික සම්පත් සූරාකෑමෙන් තොරව ඒවා පෝෂණය කර ‍බෙදා හදා ගැනීමෙන් ලොව වෙසෙන බිලියන ගණනාවක දුගි දුප්පත් ජනතාවට හව්හරන සැපයිමට අදාළ පියවරවලින් සමන්විතය .

පසුගිය රියෝ සම්මුතියෙන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇතැයි පවසන ජගත් මහ ලේකම්වරයා රියෝ + 20 සමුළුව තුළින් ආර්ථික සංවර්ධන ප්‍රමුඛතා සහ සමාජ හා පාරිසරික සුබසාධනය අතර සමතුළිතතාවක් ඇති කිරීමට අනඟි අවස්ථාවක් උදාකර දී ඇතැයි පවසයි .

තවද පූර්ව සැසිවාරයේ දී සමුළු කෙටුම්පත සම්මත කරවා ගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සත්කාරක රට‍වන බ්‍රසීලය පැසසුමට ලක්කර ඇත .

සමුළුවේ ප්‍රධානත්වය උසුලන බ්‍රසීලියන් ජනාධිපතිනී ඩිල්මා රෑසෙෆ් පවසා ඇත්තේ ලොව ඉදිරියේ ඇති අභියෝග ජය ගැනිමට ලෝක නායකයන් සමත්වනු ඇති බවයි . ‍එහෙත් ග්‍රීන්පීස් සංවිධානය ඇතුළු පාරිසරික ක්‍රියාකාරී සංවිධාන පවසන්නේ සමුළුවේ අභිමතාර්ථ අසාර්ථක වනු ඇති බවයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා