දූෂණ චෝදනාවන්ට වරදකරු වූ රුමේනියාවේ හිටපු අගමැති දිවි හානි කරගැනීමේ තැතක

දූෂණ චෝදනාවන්ට වරදකරු වූ රුමේනියාවේ හිටපු අගමැති දිවි හානි කරගැනීමේ තැතක

රුමේනියාවේ හිටපු අගමැති ඇඩ්රියන් නස්ටාසේ පෙරේදා සිය දිවි හානි කරගැන්මට උත්සාහකර තිබේ . ඔහු මෙවන් ප්‍රයත්නයකට අනුගතව ඇත්තේ දූෂණ චෝදනාවන්ට වරදකරුවීමෙන් අධිකරණයෙන් පැනවුණු දෑ අවරුදු සිරදඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභවීමෙන් පසුය.

වෛද්‍ය මූලාශ්‍රයන්ට අනුව ඔහු සිය උගුරට වෙඩි තබාගෙන ඇත. එහෙත් ඔහුගේ නීතිවේදියා පවසන්නේ ඔහු තවමත් ජීවතුන් අතර සිටින ‍අතර මනා සිහියෙන් පසුවන බවයි. ඔහු දෙනෙත් විවර කර බැලූ බවත් දිවි රැක ගැන්මේ අරගලයක නිරතව සිටින බවත් නීතිවේදී අයොන් කසාකු මාධ්‍යවේදීන්ට පවසා තිබේ. මේ අතර මීඩියා ෆැක්ස් පුවත් ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ නස්ටාසේ‍ගේ උගුරේ හිරවී ඇති උණ්ඩය ඉවත්කිරීම සඳහා වෛද්‍යවරුන් ඔහු සැත්කමකට භාජනය කරනු ඇති බවය. රෝහල් ගතව සිටින ඔහු බැහැදැක්මට ගිය අගමැති වික්ටර් පොන්ටා ඔහු සුවය ලබනු ඇතැයි ‍අපේක්ෂා කරන බව කියා ඇත.

61හැවිරිදි නස්ටාසේ 2000-2004 අතර පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදි රජයේ අගමැති ධුරය හොබවන ලදී. 2004 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඩොලර් මිලියන1.8ක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඔහු වරදකරු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා